The Search
ජපානය
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හඳුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුණෙකි. පැසිපික් සාගරය නැගෙනහිර දෙසින් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.
Wikipedia · CC BY-SA