The Search

The Search

සරලීකෘත චීන අක්ෂර

චීන මහාභූමියෙහි ගොඩනැගුණු සම්මත චීන අක්ෂර

සරලීකෘත චීන අක්ෂර යනුවෙන් හැඳින්වෙන්නේ සාමාන්‍ය සම්මත චීන අක්ෂර වගුව අනුව චීන මූලභූමිය, සහ සිංගප්පූරුව තුළ භාවිතා වන සම්මත චීන අක්ෂර ප්‍රභේදයකි. මෙය සහ සම්ප්‍රදායික චීන අක්ෂර යන අක්ෂර ප්‍රභේද වර්තමාන චීන ලිඛිත භාෂාව තුළ භාවිතා වන සම්මත අක්ෂර මාලාවන් වේ. සාක්ෂරතාව ප්‍රවර්ධනය කරනු වස් 1950 සහ 1960 දශකවල දී මහජන චීන සමූහාණ්ඩු රජය විසින් මෙය මුද්‍රණ ක්ෂේත්‍රය තුළ භාවිතය දිරිගන්වන ලදී. මේවා නිල වශයෙන් මහජන චීන සමූහාණ්ඩුව සහ සිංගප්පූරුව තුළ භාවිතා වන අතර, සම්ප්‍රදායික චීන අක්ෂර හොං කොං, මැකාවු, චීන සමූහාණ්ඩුව (තායිවානය) සහ කලාතුරකින් මැලේසියාවේ සහ සිංගප්පූරුවේ චීන ප්‍රජාව විසින් භාවිතා කරනු ලබයි.

Wikipedia · CC BY-SA