The Search

The Search

බර්ලින්

බර්ලින් ජර්මනියේ ජනපද 16 න් එකකි. එසේම එය ජර්මනියේ අගනුවරයි.එහි ජනගහණය මිලියන 3.4 පමණ වේ. යුරෝපානු සංගමයේ පිහිටි වඩාත් ප්‍රසිද්ධ සහ ජනාකීර්ණ නගර අතරින් 6 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත.ඊසාන ජ'මනියේ පිහිටා ඇති අතර මධ්‍යයේ පිහිටා ඇති බ්‍රැන්ඩන්බර්ග් (Brandenburg) පුරවරයේ මිලියන 5 ක ජනතාවක් ජාතීන් 190 ක් නියෝජනය කරමින් සිටී.භූගෝලීය ලෙස යුරොපානු තලයේ පිහිටයි.නගරයේ සම ශිතෝෂ්ණ කාලගුණයක් ඇති අතර.නගරයේ තුනෙන් එකක් පමණ ශාන්ත වනය, වතු,උයන් සහ ගංඟා ආදියෙන් සමන්විතය. වගාව ,දේශ්පාලනය ,මාධ්‍ය නිසා ලෝක ප්‍රචලිත වී ඇත.මෙහි ආර්ථිකය ප්‍රධාන වශයෙන් සේවා සැපයිම මත පදනම් වී ඇත.විවිධ වු නිර්මාණශිලී කර්මාන්ත,නොයෙක් මාධ්‍ය ආයතන,සම්මන්ත්‍රණශාලා ද මෙහි ඇත.එසේම බර්ලින් ගුවන් සහ දුම්රිය ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථානය ලෙසද පවතී.එසේම මෙය විදේශිකයන් බහුලවම පැමිණෙන නගරයකි.

Wikipedia · CC BY-SA

berlin — බර්ලින් ජර්මනියේ ජනපද 16 න් එකකි.

dictionary.aplusz.app