The Search
චෙස්
චෙස් යනු තරඟකරුවන් දෙදෙනෙක් අතර සිදු වන ප්‍රතිනිර්මාණකාරී හා තරඟකාරී ක්‍රීඩාවකි. එහි මුල් කාලීන ආකාරවලින් හා අනෙකුත් චෙස් ආකාරවලින් එය වෙන් කර හඳුනාගැනීම සඳහා සමහරක් විට බටහිර චෙස් හෝ ජාත්‍යන්තර චෙස් ලෙස හඳුන්වනු ලැබේ. දැනට භාවිතා වන ක්‍රීඩා ආකාරය දකුණු දිග යුරෝපයෙහි ඉන්දියානු හා පර්සියානු මූල ඇති වඩා පැරණි ක්‍රීඩා ඇසුරින් පහලොස්වන සියවසේ දෙවන භාගයේ දී නිර්මාණය විය. වර්තමානයේ දී චෙස් ලෝකයේ වඩාත්ම ප්‍රචලිත ක්‍රීඩා අතරින් එකක් බවට පත්ව ඇති අතර එය ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් විසින් සමාජය තුළ දී හෝ අන්තර්ජාලය හරහා සදෘශ්‍යව තරඟාවලි ලෙස හෝ අවිධිමත් ලෙස ක්‍රීඩා කරනු ලබයි. මෙම ක්‍රීඩාව ක්‍රීඩා කරනු ලබන්නේ හතරැස් කොටුවලින් යුක්ත චෙස් පුවරුවකය. එම පුවරුවෙහි සමචතුරස්‍ර 64ක් අඩංගු වන අතර පැත්තකට 8ක් වන පරිදි සකසා ඇත.
Wikipedia · CC BY-SA
chess — චෙස් යනු තරඟකරුවන් දෙදෙනෙක් අතර සිදු වන ප්‍රතිනිර්මාණකාරී හා තරඟකාරී ක්‍රීඩාවකි.
dictionary.aplusz.app