The Search
පරිණීතා (2005 චිත්‍රපටය)
ප්‍රදීප් සර්කර්ගේ 2005 චිත්‍රපටය
පරිණීතා යනු 2005 ඉන්දියානු සංගීතමය ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙය සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ පරිණීතා නම් 1914 බෙංගාලි නවකථාවේ අනුවර්තනයකි. ප්‍රදීප් සර්කාර්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන මෙහි තිරරචනය සහ නිෂ්පාදනය සිදුකරන ලද්දේ විධූ විනෝද් චොප්රා විසිනි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ විද්‍යා බාලන්, සයිෆ් අලි ඛාන් සහ සංජේ දත් විසිනි. රායිමා සේන් මෙහි සහාය චරිතයක් වන ලලිතාගේ ඥාති සොයුරියගේ චරිතය නිරූපණය කරයි. සාබ්‍යසචි චක්‍රබර්තී මෙහි ශේඛර්ගේ පියාගේ චරිතය නිරූපණය කරයි. දියා මීර්සා මෙහි ශේඛර් සමග විවාහ ගිවිසගන්නා තැනැත්තිය ලෙස පසුබිම් චරිතයක් නිරූපණය කරන අතර, රේඛා මෙහි රාත්‍රී සමාජශාලා ගායිකාවක ලෙස වැදගත් පසුබිම් චරිත නිරූපණයක් සිදුකරයි.
Wikipedia · CC BY-SA