The Search
ටෝකියෝ
ටෝකියෝ , නිල වශයෙන් ටෝකියෝ පුරවරය , යනු ජපානයේ ඇති ප්‍රාන්ත 47 කින් එකකි. ජපානයෙහි ප්‍රධාන දුපත වන හොංෂු දුපතේ නැගෙනහිර පෙදෙසට වන්ව එය පිහිටා ඇති අතර, ඊසු දූපත් සහ ඔගසවාරා දූපත් එයට අයත් වේ. ටෝකියෝ පුරවර නගරය 1943 දි නිර්මාණය වුයේ ටෝකියෝ ප්‍රාන්තය (ටෝකියෝ-ෆූ) සහ ටෝකියෝ නගරය ඒකාබද්ධ කිරීමෙනි. ටෝකියෝ පුරවර රජය විසින්, එක් එකක් වෙනම නගරයක් ලෙසින් පාලනය වන ටෝකියෝහි විශේෂ කොට්ඨාශ විසි-තුනක් පාලනය කෙරෙන අතර, මෙයට පෙරදී ටෝකියෝ නගරය ලෙස පැවැති ප්‍රදේශය මෙන්ම ප්‍රාන්තයෙහි බටහිර පසට වන්නට පිහිටි මහ නගර 39 ක් ද සහ පිටතින් පිහිටි දිවයින් සමූහ දෙකක්ද අයත් වේ. පුරවර ටෝකියෝව, ජපානයෙහි අගනගරය සහ විශාලතම පුරවර ප්‍රදේශය වෙයි.
Wikipedia · CC BY-SA
tokyo — ටෝකියෝ, නිල වශයෙන් ටෝකියෝ පුරවරය, යනු ජපානයේ ඇති ප්‍රාන්ත 47 කින් එකකි.
dictionary.aplusz.app