The Search
කොසෙම් සුල්තාන්
කොසෙම් සුල්තාන්(ඕටමන් තුර්කි: كوسم سلطان; ආ. 1589 – 1651 සැප්තැම්බර් 2) හෝ මාහ්පෙකෙර් සුල්තාන්, ලෙස හඳුන්වනු ලබන ඇය, ඔටෝමාන් සුල්තාන් අහමෙද් Iගේ ප්‍රධාන බිරිඳ සහ නීත්‍යානුකූල භාර්යාව විය. මුරාද් IV සහ ඊබ්‍රහීම් යන සුල්තාන්වරුන්ගේ මව ලෙස වාලිදේ සුල්තාන් තනතුර සහ මෙහෙමෙද් IVගේ මිත්තනිය ලෙස büyük ("වැඩිහිටි") වාලිදේ සුල්තාන් තනතුරත් දැරීය. ඇය ඔටෝමාන් ඉතිහාසයේ බලවත්ම සහ බලගතු කාන්තාවන් අතරින් කෙනෙක් මෙන්ම කාන්තාවන්ගේ සුල්තාන් රාජ්‍යය ලෙස හැඳින්වෙන කාලපරිච්ඡේදය තුළ කේන්ද්‍රීය චරිතයක් බවට පත්විය.
Wikipedia · CC BY-SA